rss
twitter
    අපිත් එක්ක එකතු වෙන්න!

නැති බැරි කම


සුපුරුදු පරිදි බස් රථයට ගොඩ වුයේ රැකියා ස්ථානය කරා පිටත් වීමටය.
බස් රථයේ ආසනයකින් වාඩි වූ මා කොන්දොස්තර මහතාට බස් ගාස්තුව දී ජනේලයෙන් පිටතට නෙත් යොමු කළෙමි.
 අවට බලමින්යන අතර වාරයේ රියදුරු මහතා බස් රථය හෝල්ට් එකක් ළග නතර කළේය.
වෙනදාටත් එම හෝල්ට් එක ළග නතර කලොත් බස් එක විනාඩි 5ක් විතර නතර කරගෙන සිටි.
අදත් එසේමය.


එක්වරම මගේ ඇස ගැටුනේ මහලු සීයා කෙනෙක් දෙසටය.
ඒ ඔහු අසල කඩයකින් බඩු ගෙන එළියට එමින් සිටින අතර වාරයේදීය.
ඉතිරි  සල්ලි ටික ගණන් කරමින් ඔහු ඉදිරියට ආවේය.
ඒත් එක්කම ඔහුගේ අතේ තිබු ෂොපින් බැග් එක ලිස්සා වැටුණි.
මට අනේ පව් කියා එක පාරටම කියවුණි.
ඇත්තටම හරිම දුකයි බලාගෙන ඉන්න,
අර සීයා ඉතුරු කාසි ටික අතමිට මොලවාගෙන බැග් එකෙන් වැටුණු බඩු ටික එකතු කරන්නට පටන් ගත්තේය.
අනේ ඒ සීයා බැග් එකේ තිබුණු හාල්,පරිප්පු සහ කඩල ටික එකින් එක බිම වාඩි වී  එකතු  කරන්නන්ට පටන් ගත්තේය.
ඇත්තටම ඒ බැග් එකේ මහා ලොකු බඩු ප්‍රමාණයක් නොතිබුනත් ඒ සීයාට නම් ඒ බඩු ටික හරිම වටිනවා වෙන්න ඇති. මොකද ඒ සීයා අර වැටුණු හාල්, පරිප්පු ඇටෙන් ඇටේ  එකතු  කරන්නට වූ නිසාවෙනි.
ඒ අසලින් කොතරම් මිනිස්සු ගියත් ඒ කිසි කෙනෙක් අර සීයට උදව් දීමට පෙලබුනේ නැත.
ඒත් එක්කම බස් එක යෑමට පටන් ගන්නා විට මට සිතුනේ අනේ මම වත් බස් එකෙන් බැස අර සීයාට උදව් වුනේ නැහැ නේද කියාය.
මට කීයක් හරි ඒ සීයාට දෙන්න තිබුණා නේද කියා සිතුනේ ටික දුරක් ගිය විටදීය.
ඉතින් මේ විදියට අපිට අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න අවස්ථා කොපමණ තිබුනත් සමහර
වෙලාවට අපේ එදිනෙදා වැඩ කටයුතු නිසා ඒ සියල්ල මග හැරෙන්නට පුළුවන්.
ඔය වගේ අසරණ කෙනෙක්ට පිහිට වෙන්න පුළුවන් නම් බොරුවට ලෝකෙට පේන්න දාන මාන දෙන්න ඕනෙත් නැහැනේ නේද??
කෙසේ නමුත් අර වෙලාවේ මට පිහිට වෙන්න නොහැකි වුනු එක ගැන නම් ලොකු කණගාටුවක් දැනෙනවා.

0 ඔබේ අදහස:

Post a Comment